විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා පරීක්ෂණ
   Print Friendly and PDFPrint Print Friendly and PDFPDF
නිල් අහස හා රතු අවරගිර

අවශ්‍ය ද්‍රව්‍ය :

  • විදුලි පන්දමක්
  • ගැලුම් 2.5 පමණ විනිවිද පෙනෙන තරමක් විශාල හතරුස් භාජනයක් (මාලු ටැංකියක් වැනි)
  • කිරි 250m l (කෝප්ප 1යි)

මෙහිදී සිදු වන්නේ කුමක්ද?

    අහස පැහැදිළිව තිබෙන විට නිල් පැහැතිව දිස්වේ. හිරු උදාවේදී හා බැසයාම්දී අහස රත් පැහැයක් ගනී. මෙම සංසිද්ධීන් අතර සබඳකමක් ඇත. අප මෙය පරීක්ෂණයකින් පෙන්වා දෙමු.

    සෑම දිශාවකින්ම නිරීෂණය කල හැකි පරිදි විනිවිද පෙනෙන භාජනය මේසයක් මත තබන්න. එම භාජනයෙන් 3/4 පමණ වැසෙන සේ ජලයෙන් පුරවන්න. විදුලි පන්දම එක් පෘෂ්ඨයකට අල්ලා ආලෝකය ගමන්කරන ආකාරය බැලීමට උත්සාහ කරන්න. දූවිලි අංශු වතුරේ පාවෙනවා ඔබ දුටුවාද? කෙසේ නමුත් ආලෝකය ගමන් කරන දිශාව හරිහැටි බලා ගැනීමට අපහසුය. දැන් මෙම භාජනයට කිරි 60ml පමණ දමා හොඳින් මිශ කරන්න. පෙර පරිදිම එක් පෘෂ්ඨයකට විදුලි පන්දම අල්ලන්න. දැන් එම ආලෝකය ජලය හරහා ගමන් කරන ආකාරය පැහැදිළිව පෙනේවි. එම ආලෝක කදම්බය දෙපැත්තෙන් හා ඉදිරියෙන් නරඹන්න. දෙපැත්තෙන් ලා නිල් පැහැයටත් ඉදිරියෙන් කහ පැහැතිවත් දිස්වනු දැකිය හැක. තව කිරි කෝප්ප 1/4 ජලයට මිශ කර නැවත ආලෝක කදම්බය පෙර සේම නරඹන්න. ආලෝක කදම්බය පාර්ශවිකව නිල් පැහැතිවත් ඉදිරියෙන් තැඹිලි පැහැතිවත් දැකිය හැක. මීට අමතරව කදම්බයේ විසිරීම වැඩි බව නිරීක්ෂණය කල හැක. ඉතිරි කිරි ප්‍රමාණය ජලයට දමා නැවත මිශ්‍ර කරන්න. පෙර පරිදිම ආලෝක කදම්බය නැරඹු විට පාර්ශවිකව පැහැදිළි නිල් පැහැයකුත් ඉදිරියෙන් තැඹිලි පැහැතිවත් දිස්වේවි. එසේම ආලෝක කදම්බයේ විසිරීම පෙර අවස්ථා දෙකටම වඩා වැඩි වී ඇති බව පෙනෙනු ඇත.

    මෙය සිදුවන්නේ කෙසේද?
    ආලෝකය යමක ගැටෙන තාක්කල් සරල රේඛීයව ගමන් කරයි.  විදුලි ආලෝකය පිරිසිදු වාතයේ හෝ ජලයෙහි සරල රේඛීයව ගමන් කරයි.  නමුත් දූවිලි අංශු වාතයේ හෝ ජලයේ ඇති විට ආලෝක කිරණ මෙම අංශු වල හැපී ක්ෂණිකව තම ගමන් මාර්ගය වෙනස් කරගනී. මෙම නිසා ආලෝකය විසිරීම සිදුවේ.  ඔබ ජලයට කිරි එකතු කිරීමේදී ඉතා කුඩා ප්‍රෝටීන් හා මේද අංශු ජලයට එකතු කිරීමක් කරන ලදි.  මෙම අංශු ආලෝකය විසිරීම (ප්‍රකිරණය) සිදුකල නිසා ආලෝකය දෙපස පෘෂ්ඨ වලින් නිරීෂණය කිරීමට හැකි විය.  විවිධ වර්ණ වල ප්‍රකිරණය (විසිරීම සිදුවන කෝණය) විවිධාකාර වේ.  නිල් ආලෝකයෙහි ප්‍රකිරණය තැඹිලි, රතු හා කහ ආලෝකයේ ප්‍රකිරණයට වඩා බොහේ වැඩිය.  මේ භේතුව නිසා විසරිත වු නිල් ආලෝකය පාර්ශවික මුහුණත් වලින් දර්ශණය විය.  තැඹිලි හා රතු ආලෝකයෙහි විසරිතබාවය අඩු නිසා එය ආලෝක කදම්බය ගමන්කරන සරල රේඛීය දිශාව ඔස්සේම ගමන් කරයි.  එම නිසා ඉදිරියෙන් බැලූවිට රතු හේ තැඹිලි වර්ණය අපට දිස්විය. 

    මෙම පරීක්ෂණය හා අහසේ වර්ණ අතර සම්බන්ධය කුමක්ද?
    අහසේ අපට දක්නට ලැබෙන්නේ දූවිලි අංශු මගින් විසරිත වු (ප්‍රකිරණ කිරණ) සුර්ය්‍යයාලෝකයයි. ප්‍රකිරණය සිදු නොවුනේ නම් සුර්ය්‍ය කිරණ සරල රේඛීයව පෘථිවිය මත වැටේ. එසේ නොවුයේ නම් අහස රාත්‍රී කාලයේදී මෙන් කළුවරව පවතිනු ඇත. සුර්ය්‍යයාලේකය දූවිලි අංශු මගින් ප්‍රකිරණයවීමේ ක්‍රියාවලිය ඉහත පරීක්ෂණයේදී විදුලි පන්දම් ආලෝකය කිරි ද්‍රාවණයේදී විසිරුණු ආකාරයට සමානව සිදුවේ. මේ අනුව අප ආකාශය දෙස බැලීම ඉහත පරීක්ෂණයේ ආලෝක කදම්බය පාර්ශවික නැරඹිමට සමාන වේ. එනම් විසරිත ආලෝකය අපට නිල් පැහැයෙන් දිස්වේ. එමෙන්ම ඉර බැසයාම නැරඹිමට ඉහත පරීක්ෂණයේ ආලෝක කදම්බය ඉදිරියෙන් නැරඹිමට සමාන වේ. එනම්, නොවිසිරුනු තැඹිලි හා රතු ආලෝකය දෙස බැලීමට සමානවේ.

    සුර්ය උදාවේදී හා බැසයාමේදී සුර්‍යයා තද තුඹිලි රන් පැහැයක් ගන්නේ ඇයි?

    ඉර නැගීමේ හා බැසයාමේ අවස්ථාවේදී අප දකින සුර්‍යයාලෝකය වායුගෝලයේ ගමන්කර ඇති පථය දවල් කාලයේදී ගමන් කරන පථයට වඩා වැඩිය. එනිසා වැඩි ප්‍රකිරණයක් ද, බොහේ දුරට කිරණ සියල්ලම වාගේ සරළ රේඛියව ගමන්කරන නිසා රන් පැහැයට පෙනේ.  මෙය රූපසටහනේ පැහැදිලිව පෙන්නුම් කර ඇත.

blog comments powered by Disqus
2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka