විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා පරීක්ෂණ
   Print Friendly and PDFPrint Print Friendly and PDFPDF
සබන් බුබුළු පා කිරීම

සබන් බුබුළු ඇති කිරීම අප කවුරුත් අත්හදා බලා ඇත.  ඉතා ඉක්මනින් බිදි යන මේ සබන් බුබුළු තුල වාතය පිරී පවතී. මේ සබන් බුබුළු වාතාශ්‍රය සහිත ස්ථානයේදී පිම්බු චිට ඉතා සියුම් සුළං පහරකින් පවා ගසා ගෙන යයි. කාමරය තුල පිම්බු විට එය පහළට පාවී ගොස් ඉක්මනින්ම කැඩී යයි.  කෙසේ නමුත් මෙම සබන් බුබුළු ඉතා සැහැල්ලු නිසා බුබුලෙහි ඇති වායුවට වඩා ඝනත්වය වැඩි වායුවක පාවේ.
උදාහරණ- CO2 (කාබන්ඩයොක්සයිඩ්)
CO2 සහිත වායු ධාරාවකට සබන් බුබුලක් යැවු විට එය පාවෙන අතර එය හොඳින් නිරීෂණය කිරීමේ හැකියාව ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සබන් ද්‍රාවණය
  • බුබුළු සෑදීමේ පුඩුවක්
  • විනිවිද පෙනෙන ඉහළින් විවර කල හැකි භාජනයක්
  • (මාලු ටැංකියක් වැනි)
  • 125ml (කෝප්ප 1/2) ආප්ප සෝඩා
  • 250ml  (කෝප්ප 1) විනාකිරි
  • ගැඹුරු වීදුරු දීසියක්

CO2 සහිත වායු ධාරාවක් සාදාගැනීම:

     දීසිය විශාල භාජනය තුල තබා, පැහැදිළිව නිරීෂණය කල හැකි ස්ථානයක තබන්න.  ආප්ප සෝඩා කුඩා දීසියට දමා එයට විනාකිරි වත් කරන්න.  ක්ෂණිකව පෙණ නගිමින් ප්‍රතිකියා කර CO2 බුබුළු නිපදවා නිදහස් කරයි. CO2 හි ඝනත්වය සාමාන්‍ය වාතයේ ඝනත්වයට වඩා වැඩිය.  ඒ නිසා CO2 වායුව භාජනය තුළ රැඳී පවතී (සුළං ප්‍රවාහයක් නැති විටදී).

    සබන් බුබුළු භාජනය තුල රුඳවෙන සේ පිඹින්න.  සාමාන්‍ය වාතයේදී මෙම සබන් බුබුළු පහළට ගමන් නොකර භාජනය තුල පාවෙමින් තිබෙනු දැකිය හැකිය. සබන් බුබුළු ඉතා ප්‍රවේශමෙන් නිරිෂණය කරන්න. 

    සබන් බුබුළු වල වර්ණය, විවිධ වර්ණ ඇතිවේද? වර්ණ වෙනස් වන්නේද? බුබුලේ ප්‍රමාණය වෙනස් වේද? බුබුල පවතින ස්ථානය වෙනස් වේද? එය පහලට ගමන් කර කිඳා බසීද? 

    පරීක්ෂණය අවසන් කල පසු වීදුරු දීසියේ තිබෙන ද්‍රව්‍ය සෝදා හරින්න මතක තබා ගන්න.



පැහැදිළි කිරීම:

    සබන් බුබුලට වර්ණ ලැබෙන්නේ එය මත පතිත වන සුදු ආලෝකය පරාවර්තනය වීමෙනි.  සුර්‍යයා සහ විදුලි බුබුළු වැනි ආලෝක ප්‍රභව වලින් ලැබෙන සුදු ආලෝකය විවිධ වර්ණවල සංකලනයකි (ආලෝකය තරංග ලෙස ගමන් කරයි.  තරංග ආයාමය එම ආලෝකයේ වර්ණය තීරණය කරයි). 

    සබන් බුබුල නිරීෂණය කිරීමේදී එය සෙමින් සෙමින් විශාල වන බව පෙනේ.  එමෙන්ම කාලයත් සමඟ එය භාජනය තුලට කිඳාබසී.  බුබුල විශාල වීම හා කිඳා බැසීම එකම ක්‍රියාවලියක ප්‍රතිඑලයකි.  බුබුල පිම්බු විට එහි සාමාන්‍ය වාතය පිරී ඇත.  එය CO2 සහිත පරිසරයක ඇති විට CO2 වායුව සබන් පටලය හරහා බුබුල තුලට ගමන් කරයි.  එය සාමාන්‍ය වාතය බුබුල තුලට ගමන් කරනවාට වඩා වේගයකින් සිදුවේ.  එයට භේතුව CO2 වල ජලයේ දියවීමේ ඇති හැකියාව වැඩි වීමයි.(සබන් බුබුලු ද්‍රාවණයේ වැඩිපුර ඇත්තේ ජලයයි)  බුබුල තුල ඇති CO2 ප්‍රමාණය ඉහළ යාමේදී එහි බර වැඩි වීම නිසා භාජනයේ පතුලට කිඳා බසී.

blog comments powered by Disqus
2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka