විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා ප්‍රබන්ධ / විද්‍යා ලිපි

ආප්ප මිශ්‍රණයට මොකද වුනේ?


      ඵදින පාසල් දෙවන වාරයේ නිවාඩු දුන් දිනයට පසු දිනය විය. “මොනවද අම්මේ ඔය පැකට් ඵක ඇතුළේ තියෙන්නේ?” උදෑසනින්ම මුළුතැන්ගෙට පැමිණි චමරි විමසුවාය. “නෑ දුව මේ ආප්ප සෝඩා ගෙනාවමයි තවම ආප්ප ටිකක් හදන්න බැරිවුණානේ. හැබෙයි ආප්ප සෝඩා නම් ටිකක් පරණයි වගෙයි.” පෙරේරා මහත්මිය පැවසුවාය. “ෂා නියමයිනේ අයියේ, අද රෑට අම්මා ආප්ප හදනවාලු” චමරි තම අයියා වන කමල් සොයා ගියේ මේ සතුටුදායක පුවත සැල කිරීම සඳහායි.

      නමුත් එදින සවස් වරුව වන තුරුම ආප්ප පිටි මිශ්‍රණය හරිහැටි නොපිපුණේ මන්දැයි සිතමින් පෙරේරා මහත්මිය ආප්ප වෙනුවට බත් සහ ව්‍යංජනයක් පිළියෙල කරමින් සිටියේ රාත්‍රී ආහාර වේල සඳහාය. වරින් වර චමරි සහ කමල් මුඵතැන්ගෙට පැමිණියේ ආප්ප සෑදීමට ආප්ප පිටි මිශ්‍රණය හරි හැටි පිපී ඇත්දැයි බැලීමටයි.

      එදින රාත්‍රියේ කමල් සහ චමරි රාත්‍රී ආහාරය ඹ්නෑකමින් නොගත්තේ රාත්‍රියට ආප්ප තිබුණානම් කෙතරම් අගනේ දැයි සිතමිනි. “අපරාදේ අද ආප්ප හදන්නත් බැරිවුණානේ” චමරි කීවේ දුක්මුසු කටහඩකිනි. “මේකට මොකක් හරි හේතුවක් ඇති අම්මා, ආප්ප පිටි මිශ්‍රණයකට මොනව හරි අඩු වුණාද?” කමල් විමසුවේය. “නෑ නෑ මම අතින් ඵහෙම දෙයක් වෙන්නේ නැහැ” පෙරේරා මහත්මිය පැවසුවේ මදක් අමනාප කටහඬකිනි.

      “එක තමයි, ආ! මම හෙට වීරසිංහ ගුරුතුමීලාගේ ගෙදර යනවානේ. එතකොට මම මේක ගැන අහගන්නවා. සමහරවිට ඒක විද්‍යාවට සම්බන්ධ දෙයක්ද දන්නෙත් නැහැ” කමල් පැවසුවේය.
      “ හා! හා! එහෙනම් මමත් එනවා. මමත් ආසයි මේකට හේතුව මොකක්ද කියලා දැනගන්න” චමරි පැවසුවාය.

      වීරසිංහ ගුරු මහත්මිය ඔවුන්ගේ පාසලට අළුතින් පැමිණි විද්‍යා ගුරුතුමියයි ඔවුන්ගේ පාසලට පැමිණි අළුත් විද්‍යා ගුරුතුමියගෙන් ඔවුන් නොදන්නා දේ දැනගැනීම ඔවුන්ගේ සිරිතයි. සෑම කරුණක්ම ඉතා හොදින් දැන අහගන්නා, සෑම විෂයක්ම ඉතා ඕනෑකමින් ඉගෙන ගන්නා ගුණයහපත් මේ දරැවන් දෙදෙනාව ඇය ප්‍රිය කළාය.
      “ආයුබොවන් ගුරුතුමි”. පසු දින උදෑසනින්ම ඇයගේ නිවසට ගිය ඔවුන් ඇයට සුභ පැතූහ.  

      “ආනේ පුතාලා උදෙන්ම ඇවිල්ලානේ” ගුරුතුමිය චමරිට සහ කමල්ට ඇතළට පැමිණෙන්නැයි කියමින් මෙසේ ඇසුවාය. “ඇයි? පුතාලට මොකක් හරි ප්‍රශ්ණයක් ආයෙමත් මතු වෙලාද?” වීරසිංහ ගුරුතුමිය ඇසුවාය.

      “ඔව් ගුරුතුමී අපිට ගුරුතුමීගෙන් අහගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක දැනගන්න තමා අපි මේ උදෙන්ම ආවේ” කමල් පැවසුවේය.

      “ ආ! මම පුතාලා අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඕනම වේලාවක ලෑස්තියි” වීරසිංහ ගුරුතුමිය පැවසුවාය. “මොකක්ද පුතා ප්‍රශ්නෙ” ගුරුතුමිය නැවත විමසුවාය.

      “ නෑ මේ අපි ඊයේ ආප්ප හදන්න සුදානම් වුණා. ඉතින් ඒ වුණාට හවස් වන තෙක්ම ආප්ප පිටි මිශ්‍රණය හරිහැටි පිපුන්නේ නැහැනේ” කමල් පැවසුවේය.

1 පිටුව | 2 පිටුව | 3 පිටුව | 4 පිටුව | 5 පිටුව | 6 පිටුව


2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka